Header

Sri Lanka Army

Defender of the Nation

30th May 2022 17:41:18 Hours

විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් නලින් කොස්වත්ත ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන 23 වන සේනාංකයේ හිටපු සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත සදුදා (30) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මේජර් ජෙනරල් නලින් කොස්වත්ත සහ පවුලේ සාමාජිකයින් වෙත ප්‍රශංසා කිරීමට සහ සුබ පැතුම් පිරිනැමීම සඳහා යුද්ධ හමුදාධිපති එතුමන්ගේ කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.

මෙම සුහද හමුව අතරතුරදී, යුද්ධ හමුදාව තුල විවිධ තනතුරු හොබවමින් මේජර් ජෙනරල් නලින් කොස්වත්ත සිදුකරනු ලැබූ සේවය සහ එතුමන්ගේ පක්‍ෂපාතීත්වය මෙන්ම අවංකභාවය පිළිබඳ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ඇගයීමට ලක්විය.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් නලින් කොස්වත්ත සිය යුද්ධ හමුදා සේවා කාලය තුළ 23 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුලු යුද්ධ හමුදාවේ ප්‍රධාන පත්වීම් රැසක් හොඹවා ඇත.

මෙම සුහද හමුව සඳහා එක් වූ මේජර් ජෙනරල් නලින් කොස්වත්ත ගේ පවුලේ සාමාජිකයන් සමඟ සුහඳව අදහස් හුවමාරු කරගත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් ද සුභාශිංෂනයන් එක් කරන ලදී.

මෙම සුහද හමුව සඳහා එක් වූ මේජර් ජෙනරල් නලින් කොස්වත්ත ගේ දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතිය පිළිබඳ කරුණු විමසමින් “අනාගතයේදීද ඔබ සියළුදෙනා වෙනුවෙන් කිසිදු පැකිලීමකින් තොරව ඕනෑම අවස්ථාවක සහයෝගය ලබාදීමට මා කටයුතු කරන බව ද” එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් නලින් කොස්වත්ත සිය අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළ දී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මඟපෙන්වීම, උපදෙස්, දිරිගැන්වීම් සහ සුබපැතුම් වෙනුවෙන් ද සිය ස්තූතිය පුදකළේය.

මෙම සුහද හමුව සමාප්තියේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් මේජර් ජෙනරල් නලින් කොස්වත්ත වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.