Header

Sri Lanka Army

Defender of the Nation

28th May 2022 17:56:31 Hours

11 වන සේනාංකයේ භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල අර්ධ නිවාස සම්පූර්ණයෙන් ඉදිකරදෙයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ‘ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020-2025’ ට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ භටපිරිස් විසින් තෙල්දෙණිය, පේරුවත්ත, රංගලවත්ත ප්‍රදේශයේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන අඩු ආදායම් ලාභී ජනතාවගේ අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවාස සම්පූර්ණ වශයෙන් ඉදිකර දීම සඳහා සිය ශ්‍රම දායකත්වය ලබාදෙන ලදී.

දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන මෙම ජනතාවගේ අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවාස 19 යෙහි ඉතිරි වැඩකටයුතු සිදුකිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මීලදී ගැනීම සඳහා ප්‍රදේශයේ පරිත්‍යාගශීලී ධානපතියෙකු වන ශ්‍රී මෝහන ශංකර් මහතා විසින් අනුග්‍රාහකත්වය දක්වන ලදී.  

යුද්ධ හමුදා ‘ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020-2025’ ට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වාගේ අධීක්‍ෂණය යටතේ 111 වන බලසේනාවේ සහ 112 වන බලසේනාවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය මත සති කීපයක් ඇතුලත කඩිනමින් මෙම නිවාසවල වැඩකටයුතු නිමකරන ලදී.

111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක, 112 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්දිම කුමාරසිංහ සහ ශ්‍රී මෝහන ශංකර් මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය අඟහරුවාදා (24) දින පැවති උත්සවයකදී සම්පූර්ණයෙන් වැඩ නිම කරන ලද නිවාස නීත්‍යානුකූල හිමිකරුවන්ට නිල වශයෙන් පවරා දෙන ලදී.

මෙලෙස ඉදිකරන ලද නිවාස, නිවාසලාභීන් වෙත පවරා දීමේ උත්සව අවස්ථාවන් සඳහා නිවාසලාභීන්, තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබාදුන් යුද්ධ හමුදා භටපිරිස් සහ ගම්වාසීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.