Header

Sri Lanka Army

Defender of the Nation

27th May 2022 17:56:31 Hours

යුද්ධ හමුදා ධාවන ශූර මාණ්ඩලික සැරයන් යුපුන් අබේකෝන්ගෙන් නව ජාතික සහ දකුණු ආසියානු වාර්තාවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මාණ්ඩලික සැරයන් යුපුන් අබේකෝන් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (26) දින ජර්මනියේ පැවති ජර්මානු විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 විවෘත ධාවන ඉසව්ව තත්පර 10.06 ක කාළයක් වාර්තා කරමින් නව දකුණු ආසියානු වාර්තාවක් පිහිට වීමට සමත් විය. ඒ ඔහු විසින් 2021 වසරේදී තැබූ තත්පර 10.15 ක වාර්තාව බිඳ දමමිනි.

ඒ අනුව මාණ්ඩලික සැරයන් යුපුන් අබේකෝන් සියලුම දකුණු ආසියානු වාර්තාවන් බිඳ හෙළමින් මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කර නව දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියනු ලබයි.