Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2022 20:12:32 Hours

යුද්ධ හමුදා භටපිරිස් විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිමනයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ භටපිරිස් විසින් තවත් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් දියත් කරමින් තේවිපුරම් ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත ළමුන් වෙනුවෙන් ස්ථාපිත කර ඇති ‘ඉනිය වල්ලු ඉල්ලම්’ පාසලේ ඉගෙනුම ලබන විශේෂ අවශ්‍යතා සහිත ළමුන් වෙනුවෙන් ප්‍රනීත දීවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.

මෙම අවස්ථාව සඳහා 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුම ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ. වැඩසටහන සමාප්තියේ පාසල් බලධාරින් යුද්ධ හමුදාවේ මානුෂීය හිතවාදී ක්‍රියාකාරකම් ඇගයීමට ලක්කරන ලදී.