Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2022 20:19:03 Hours

යුද්ධ හමුදා භටපිරිස් පාසල් සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ බෙදාදෙති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු භටපිරිස් රණවිරු දිනයේදි (මැයි 18) ගෝනමාතාව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරු දැරියන් සහ චන්ද්‍රසේගරන් දමිළ ප්‍රාථමික විද්‍යාලයේ පාසල් සිසු සිසුවියන් 106 දෙනෙකු වෙත පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ සම්බන්ධීකරණය මත මෙම ප්‍රජා සත්කාරක ව්‍යපෘතිය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි අනුක් ප්‍රනාන්දු මහතා ස්වෙච්ඡාවෙන්ම සිය අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී.  

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, හපුතලේ චන්ද්‍රසේකරන් දමිළ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු භවතුන් සහ දෙමාපියන් ද සහභාගී වූහ.