Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2022 20:27:57 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නව නියෝජ්‍ය සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන පසුගිය සඳුදා (23) දින කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.

එම මූලස්ථානය වෙත සපැමිණි නව නියෝජ්‍ය සේනාවිධායකතුමන් වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ.  

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගත්තේය.

පසුව, නව නියෝජ්‍ය සේනාවිධායකතුමන් මෙම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ නිලධාරින් සහ සෙසුනිලයන් අමතමින් යුද්ධ හමුදාවේ කීර්තිනාමය ඉහළ නැංවීම වෙනුවෙන් සිදුකළයුතු කාර්යභාරය පිළිබඳ පැහැදිලි කළේය.

නව ධූරයේ රාජකාරී භාරගැනීම සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කළේය. ඉන් අනතුරුව, මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.