Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2022 21:12:37 Hours

ගස්කඩා වැටී ගමනාගමනය අවහිර වූ මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහය

ගිගුරුම් සහිත ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කල්මුණේ සහ මල්වත්ත උහන මාර්ගයෙහි ගමනාගමනය අවහිර වෙමින් කඩා වැටී තිබූ ගස් ඉවත් කිරීමට අද (24) දින දහවල් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් කටයුතු කළහ.

අයහපත් කාලගුණ තත්ත්වය මධ්‍යයේ යුද්ධ හමුදා භටපිරිස් විසින් ප්‍රදේශයේ සිවිල් ජනතාව සමග එක්ව රථවාහන ගමනාගමනයට බාධාවක් වූ එම ගස් කඩිනමින් කපා ඉවත්කරන ලද අතර, පොලිසියේ සහයෝගය මත රථවාහන ගමනාගමනයට සුදුසු වන ආකාරයට එම මාර්ගය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කරන ලදී.