Header

Sri Lanka Army

Defender of the Nation

23rd May 2022 21:28:13 Hours

තවත් ශාරීරික පුහුණු උපදේශකවරුන් පිරිසක් විසිර යයි

පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික පුුහුණු පාසලේ දී පැවැත්වූ නිලධාරි ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව - 13, උසස් ශාරීරික පුහුණු උපදේශක පාඨමාලා අංක - 43 සහ සහකාර ශාරීරික පුහුණු පාඨමාලා අංක - 125 සාර්ථකව අවසන් කළ යුද්ධ හමුදා සාමාජිකයින් පසුගිය සිකුරාදා (20) දින විසිර යන ලදී.

මෙම විසිර යාමේ උත්සවයේදී නිලධාරීන් 9 දෙනෙකු, සෙසුනිලයන් 163 දෙනෙකු ශාරීරික උපදේශකවරුන් ලෙස විසිර යනු ලැබීය. ඔවුන්ගෙන් 35 දෙනෙකු ජාතික වෘත්තීය සුදුසුකම් - 4 (NVQ Level - 4) සහතික පත්‍ර හිමිකරගැනීමට ද සමත් වූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ධම්මි හේවගේ විසින් පාඨමාලාව සාර්ථකව අවසන් කර විසිර යන ශාරීරික පුහුණු උපදේශකයන් හට සහතිකපත් බෙදාදෙන ලදී. තවද, යුද්ධ හමුදා ශාරීරික පුහුණු අභ්‍යාස විද්‍යාලයේ සේනාවිධායක කර්නල් රුක්‍ෂාන් කන්නන්ගර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද මෙම උත්සවය සඳහා එක්වූහ.