Header

Sri Lanka Army

Defender of the Nation

23rd May 2022 21:32:44 Hours

රණවිරුවන් සිහිකරමින් ගර්භණී කාන්තාවන්ට වියළි සලාක පාර්සල් පරිත්‍යාගයක්

මානුෂිය මෙහෙයුමේදී දිවිපිදූ විරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් ජාතික රණවිරු දිනයේදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 641 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් වසන්තිපුරම් සහ කරුවලකන්ඩාල් ප්‍රදේශවල වෙසෙන ගර්භණී කාන්තාවන් 10 දෙනෙකුට වියළි සලාක පාර්සල් පරිත්‍යාග කරන ලදී.

මෙම වැඩසටහන සඳහා මාදම්පේ ප්‍රදේශයේ පදිංචි ශ්‍රීලංකනි පෙරේරා මහත්මිය සහ ඒ.එම්. ඉලංගකෝන් මහත්මිය විසින් අනුග්‍රහකත්වය ලබාදුන්හ.

14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එස්. අයි. ප්‍රසන්න ද මෙම වියළි සලාක පාර්සල් බෙදාදීමේ අවස්ථාව සඳහා එක්විය.