Header

Sri Lanka Army

Defender of the Nation

21st May 2022 22:24:28 Hours

උතුම් වෙසක් සතිය වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් දිවයිනපුරා විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන්ට සහන සලසයි

ලෝකවාසි බෞද්ධ ජනතාව අභිමානයෙන් සමරන වෙසක් පුන් පොහෝ දිනය නිමිතිකරගෙන යුද්ධ හමුදා භටපිරිස් දිවයිනපුරා විවිධ පුණ්‍ය කටයුතු සිදුකරනු ලබයි. එ් අනුව 65 වන සේනාංකය යටතේ ස්ථාපිත 651, 652 සහ 653 යන බලසේනාවන්හී යුද්ධ හමුදා භටපිරිස් විසින් උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දින (15) නේවාසික රෝගීන්, රෝහල් කාර්ය මණ්ඩලයට සහ ඊට යාබද ගම්මානවල අඩු ආදායම්ලාභී පවුල් අතර දිවා ආහාර පාර්සල් බෙදාදුන්හ.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි සහ 65 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හී බලසේනාධිපති වරුන්ගේ අධීක්ෂණය යටතේ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 24 වන ගජබා රෙජිමේන්තුව සහ 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන් සහ භටපිරිස් එක්ව දිවා ආහාර පාර්සල් 340ක් මෙලෙස බෙදාදුන්හ.

මේ අතර, 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල ගේ අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකය යටතේ ඇති 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කතරගම වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් හම්බන්තොට - ගෝතමීගම ප්‍රදේශයේදී මඤ්ඤොක්කා දන්සලක් පවත්වන ලදී. මේ අතර, වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංකය යටතේ ස්ථාපිත 541, 542 සහ 543 වන බලසේනාවල භටපිරිස් විසින් සිංගප්පූරුවේ ‘Tan Ngak Buay’ සහ ‘Kee Meng Lang Foundation Limited’ වෙතින් ලද අනුග්‍රහය මත මන්නාරම දිස්ත්‍රික්කයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් අතර වියළි සලාක පාර්සල් බෙදාදුන්හ.

මෙම ව්‍යාපෘතිය ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහගේ මගපෙන්වීම මත 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ගේ අධීක්‍ෂණය යටතේ 54 වන සේනාංකය යටතේ පාලනය වන සියලුම බලසේනාවල බලසේනාධිපතිවරුන්ගේ සහයෝගය ඇතිව පවත්වන ලදී.

මාතොට රජමහා විහාරස්ථානයේ පැවැති මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මන්නාරම දිස්ත්‍රික් ලේකම් ස්ටැන්ලි ද මෙල් මහත්මිය සහභාගී වුයේය. තවද මෙම පුණ්‍ය කටයුත්ත සඳහා සර්ව ආගමික පූජකවරුන්, 541 වන බලසේනාවේ බලසේනාධිපති, මන්නාරම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ස්වේච්ඡා සේවකයන්, පරිත්‍යාගශීලීන් සහ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, නිලධාරීන් සහ ප්‍රතිලාභීන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

මෙම වැඩසටහන් මාලාව ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය තලගල සුමනරතන හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් 12 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්ගේ අධීක්ෂණය 542 සහ 543 බලසේනාවේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.

මේ අතර, 24 වන සේනාංකය යටතේ ස්ථාපිත 241 වන බලසේනාව යටතේ පාලනය වන 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් මැයි 16 වන දින කල්මුණේ, කාර්තිව් ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 25 ක් වෙත වියළි සලාක පාර්සල් ලබාදුන්හ. 18 වන ශ්‍රී ලංකා විජයබාහු රෙජිමේන්තුවේ පරිත්‍යාගශීලි නිලධාරීන් සහ සෙසු නිලයන්ගේ අනුග්‍රහය මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලදී.

ප්‍රදේශයේ අදාළ ග්‍රාම නිලධාරී නිලධාරීන්ගේ සහයෝගය ඇතිව ප්‍රතිලාභීන් තෝරා ගන්නා ලද අතර, මෙම පරිත්‍යාගශිලි වැඩසටහන කාර්තිව් බහුකාර්ය ශාලාවේදී සිදුකරන ලදී.

මෙම වැඩසටහන සඳහා 18 වන විජයබාහු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්. ආර්.කේ. ඩී සිරිසේන, 241 වන පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී මේජර් කේ. එස් හැරීසේන ඇතුලු නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.