Header

Sri Lanka Army

Defender of the Nation

16th May 2022 17:01:07 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර නව ආඥාපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙස -නැගෙනහිර 27 වන ආඥාපති ලෙස බ්‍රිගේඩියර් සුගත් රත්නායක පසුගිය සිකුරාදා (29) දින රාජකාරි ආරම්භ කරන ලදි.

එම මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් සුගත් රත්නායක වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය ද පුදකළහ. ඉන් අනතුරුව, බ්‍රිගේඩියර් සුගත් රත්නායක විසින් මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

පසුව, ආගමික වතාවත් සහ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් බ්‍රිගේඩියර් සුගත් රත්නායක විසින් සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් ද සහභාගි වූහ.