Header

Sri Lanka Army

Defender of the Nation

16th May 2022 17:08:26 Hours

57 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත 57 වන සේනාංකයේ 16 වන සේනාංකාධිපති ලෙස විශේෂ බලකායේ බ්‍රිගේඩියර් චන්දිමාල් පීරිස් පසුගිය බ්‍රහස්පතින්දා (5) දින රාජකාරි භාරගන්නා ලදී.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි බ්‍රිගේඩියර් චන්දිමාල් පීරිස් 57 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 17 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පුදකළහ.

ඉන් අනතුරුව, බ්‍රිගේඩියර් චන්දිමාල් පීරිස් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබුවේය.

මෙම උත්සවය සඳහා බලසේනාධිපතිවරුන්, 56 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් ද සහභාගි වූහ.

මීට ප්‍රථම මෙම ධුරයේ රාජකාරි සිදුකළ මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසුව බ්‍රිගේඩියර් චන්දිමාල් පීරිස් මෙම ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී. මීට ප්‍රථම බ්‍රිගේඩියර් චන්දිමාල් පීරිස් 1 වන බලකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස රාජකාරි සිදුකළේය.