Header

Sri Lanka Army

Defender of the Nation

16th May 2022 17:15:16 Hours

23 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ පූනානි ප්‍රදේශයේ ස්ථාපිත 23 වන සේනාංකයේ 25 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් ශෙවන්ත කුලතුංග පසුගිය සිකුරාදා (6) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගන්නා ලදී.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ශෙවන්ත කුලතුංග 23 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකළහ.

ඉන් අනතුරුව, බ්‍රිගේඩියර් ශෙවන්ත කුලතුංග නව දූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබුවේය.

පසුව, නව සේනාංකාධිපතිතුමන් හමුදා සම්ප්‍රදායානුකූලව නිලධාරීන් සහ සෙසුනිලයන් අමතමින් සිය ධූර කාලයේ සිදුකිරීමට බලාපොරොත්තු වන සිය දැක්ම පිළිබඳ පැහැදිලි කළේය.

මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, 23 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.