Header

Sri Lanka Army

Defender of the Nation

16th May 2022 18:05:54 Hours

21 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

21 වන සේනාංකයේ 35 වන සේනාංකාධිපති ලෙස විශේෂ බලකායේ බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම පසුගිය සෙනසුරාදා (7) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කරන ලදී.

සේනාංක මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම, එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකළහ.

ඉන් අනතුරුව, බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී.

පසුව, නව සේනාංකාධිපතිතුමන් විසින් සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන් අමතමින් සිය ඉදිරි දැක්ම පිළිබඳව පැහැදිලි කරන ලදී.

මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, 21 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, එම සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ.  

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් මොහාන් රත්නායක 61 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම මෙම ධූරයේ රාජකාරි භාරගත්තේය.