Header

Sri Lanka Army

Defender of the Nation

16th May 2022 18:08:55 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් ඇස් කණ්නාඩි බෙදාදෙති

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංකයේ භටපිරිස් විසින් දානපතියන්ගේ අනුග්‍රහාකත්වය මත මන්නාරම දිස්ත්‍රික් රෝහලේ අක්‍ෂි සායන ඒකකය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව මන්නාරම ප්‍රදේශයේ දෘශ්‍යාබාධිත පුද්ගලයින් 253 දෙනෙකු වෙත ඇස් කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (7) දින ක්‍රියාත්මක කරන ලදී.  

මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ සහයෝගයෙන් කොළඹ ඔරියන්ට්, 306/බී-2 සිංහ සමාජයේ සසංක මෙන්ඩිස් මහතාගේ සම්බන්ධීකරණය මත එක්සත් රාජධානියේ පදිංචි රවී රාජපක්‍ෂ මහතා විසින් මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙන ලදි.

54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර සහ 543 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් තුෂාර හරස්ගම ගේ අධීක්‍ෂණය යටතේ මන්නාරම මහජන සෞඛ්‍ය සේවා කාර්යාලයේදී ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 54 වන සේනාංකයේ සේනාංකාධිපති සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා 543 වන බලසේනාවේ බලසේනාධිපති 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එච්.ජී.එස්. ගාල්ලගේ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සිංහ සමාජයේ සසංක මෙන්ඩිස් මහතා, මන්නාරම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය රවී පච්චෙයි මහතා, වෛද්‍ය එස්. නිශාන්ති කේතීස්වරම් මහත්මිය සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් ද මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන අවස්ථාව සඳහා අවැසි සහයෝගය ලබාදුන්හ.