Header

Sri Lanka Army

Defender of the Nation

16th May 2022 18:03:38 Hours

මන්නාරම භටපිරිස් රුධිරය පරිත්‍යාග කරයි

54 වන සේනාංකය යටතේ ස්ථාපිත 541 වන බලසේනාවේ භටපිරිස් වෙත රෝහල් බලධාරීන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පසුගිය අඟහරුවාදා (10) දින මන්නාරම, මාතොට රජමහා විහාරස්ථානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ගේ උපදෙස් හා 541 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දසන්ත මුණසිංහ ගේ අධීක්‍ෂණය මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා 541 වන බලසේනාවේ නිලධාරින් සහ සෙසුනිලයන් 63 දෙනෙකු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සිය රුධිරය පරිත්‍යාග කරන ලදී.

54 වන සේනාංකය, 541 වන බලසේනාව, 12 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 10 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බළකායේ භටපිරිස් මෙම ව්‍යාපෘතිය සඳහා එක්ව සිය රුධිරය පරිත්‍යාග කරන ලදී.

මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය සඳහා 541 වන බලසේනාවේ බලසේනාධිපති, 54 වන සේනාංකයේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරි, 12 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 10 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීන්, සෙසුනිලයන්, වෛද්‍ය නිලධාරීන් සහ හෙද කාර්ය මණ්ඩලය සිය සහයෝගය දැක්වූහ. එමෙන්ම, මන්නාරම, මාතොට රජමහා විහාරස්ථානයේ හිමිපාණන් ද සිය අනුපමේය සහයෝගය මේ වෙනුවෙන් ලබාදෙන ලදී.