Header

Sri Lanka Army

Defender of the Nation

13th May 2022 18:14:15 Hours

යාපනය භටපිරිස් විසින් තවත් නව නිවසක් ඉදිකරයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ ට සමගාමීව ක්‍රියාත්මක වන ‘ මානව හිතවාදී යුද්ධ හමුදාව’ වැඩසටහන යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ භටපිරිස් විසින් යාපනය උඩුත්තුරෙයි ප්‍රදේශයේ සැමියා අහිමි පවුලක් වෙත නව නිවසක් ඉදිකරදීම සඳහා මුල්ගල් තබන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ සහ 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න ගුණරත්න ගේ ඉල්ලීමකට අනුව දැනට විදේශගතව සිටින මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික) විසින් මෙම වැඩසටහන සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී.

නිවාස ප්‍රථිලාභී වී. වසන්තා කුමාරී මහත්මියගේ පවුලේ සාමාජිකයින්ගේ ආර්ථික අපහසුතා පිළිබඳව 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න ගුණරත්න ගේ අවධානය යොමුවිමෙන් අනතුරුව පසුගිය සඳුදා (9) දින මෙම නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීය.

55 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ මගපෙන්වීම මත 12 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.