Header

Sri Lanka Army

Defender of the Nation

13th May 2022 18:23:34 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් අඩු ආදායම් සහිත පවුල් සඳහා වියළි සලාක පරිත්‍යාගයක් 

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හී සම්බන්ධීකරණය මත කෝමාරි, පොතුවිල්, පානම, සෙන්ගමුව සහ හුලංනුගේ යන ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් 60 ක් වෙනුවෙන් වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (1) දින ක්‍රියාත්මක කරන ලදී.  

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ප්‍රථම එම ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන්ගේ සහයෝගය මත අඩු ආදායම්ලාභී පවුල් තෝරාගනු ලැබීය.  

රු.261,000.00 කට අධික වටිනාකමකින් යුත් මෙම වියළි සලාක පාර්සල් තොගය ආරුගම්බේ පිහිටි ‘Bay Vista’ හෝටලයේ සභාපති ගැමුණු පෙරේරා මහතා විසින් ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වය මත යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කළ පරිත්‍යාග වැඩසටහනකදී ප්‍රථිලාභීන් අතර බෙදාදෙන ලදී.  

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ. මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සංවිධානය කිරීම වෙනුවෙන් ප්‍රතිලාභීන් යුද්ධ හමුදාව වෙත සිය ස්තූතිය පුදකරනු ලැබූහ.