Header

Sri Lanka Army

Defender of the Nation

12th May 2022 16:13:11 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර 23 වන ආඥාපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන පසුගිය සිකුරාදා (6) දින වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පැවති උත්සවයකදී රාජකාරි ආරම්භ ක‍ළේය.

ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සුබ මොහොතින් නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය.

පසුව, මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන නිලධාරීන් සහ සෙසුනිලයන් අමතමින් යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය වැඩිදියුණු කිරීම වෙනුවෙන් කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳ පෙන්වාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.

මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත 57 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කටයුතු කරනු ලැබීය.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන මෙම ධූරයේ රාජකාරි භාරගත්තේය.