Header

Sri Lanka Army

Defender of the Nation

30th April 2022 03:56:45 Hours

‘නීරෝගිමත් හමුදාවක් - නීරෝගිමත් දැයක්’ ව්‍යපෘතියේ තවත් එක් වැඩසටහනක් රාගම මූලික යුධෝපකරණ ගබඩා කඳවුරේදී පවත්වයි

කොළඹ යුද්ධ හමුදා රෝහලේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ‘නීරෝගිමත් හමුදාවක් - නීරෝගිමත් දැයක්’ ව්‍යපෘතියට සමගාමීව සෞඛ්‍ය සම්පන්න නීරෝගීමත් ජීවිතයක් ගතකිරීම, යුද්ධ හමුදා රාජකාරි එලදායි ලෙස ඉටුකිරීම සහ පුද්ගලික දිවිපැවැත්ම සඳහා බෝ වන සහ බෝ නොවන රෝග වළක්වා ගැනීම පිළිබද යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය බදාදා (27) දින රාගම පිහිටි මූලික යුධෝපකරණ ගබඩා කඳවුරේදී පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා එම කඳවුරට අනුයුක්තව රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයන් 100 කට අධික පිරිසක් සහභාගී වූහ.

ව්‍යපෘතියේ නිර්මාතෘ වන කොළඹ යුද්ධ හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍ය බ්‍රිගේඩියර් මොරින් විජේවර්ධන විසින් ආහාර පුරුදු, ශාරීරික ව්‍යයාම, පුද්ගල සෞඛ්‍ය පුරුදු, රෝග සහ පවුල් සෞඛ්‍ය යන එදිනෙදා ජීවිතයට වැදගත් වන කරුණු පිළිබඳව පුළුල් ලෙස එදින වැඩසටහන තුළින් යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කලහ.

මෙම වැඩසටහනේදී කර්නල් (වෛද්‍ය) ලක්මිණි රණසිංහ සහ කපිතන් (වෛද්‍ය) ඒ.සී.කේ. උඩුගම විසින් නිවැරදි අහාර සහ පෝෂණ පිළිවෙත් සහ ශාරීරික ව්‍යායාමවල ඇති වැදගත්කම මෙන්ම ආහාර පාලනය සහ පෝෂණය පිළීබඳව යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කල අතර, ඊට සමගාමීව යුද්ධ හමුදාවේ ශාරීරික අභ්‍යාස උපදේශකවරුන් විසින් ශාරීරික අභ්‍යාස ක්‍රම කිහිපයක් ද එම අවස්ථාවේදී ඉදිරිපත්කරමින් ඒ පිළිබඳ භටපිරිස් දැනුවත් කළේය.

මෙම වැඩසටහන සඳහා ‘නීරෝගීමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ සම්බන්ධීකරණ කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි මේජර් ජේ.එම්.සී.බී.ආර් බණ්ඩාර ඇතුළු සෙසුනිලයින් කීපදෙනෙකු ද සහභාගී වූහ.