Header

Sri Lanka Army

Defender of the Nation

20th April 2022 19:52:13 Hours

අවශ්‍යතා සහිත පවුල් 1000 ක් සඳහා යුද්ධ හමුදා සම්බන්ධීකරණයෙන් මූල්‍ය ආධාර  

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ භටපිරිස් ‘ත්‍යාහී’ පුණ්‍ය භාරයේ අනුග්‍රාහකත්වය මත මරුතෝඩෙයි, වෙහෙරතැන්න, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන, සම්පත්නුවර, ගජබාපුර, ඇතාවැටුණුවැව සහ සිංහපුර යන ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් 1000 ක් වෙනුවෙන් මූල්‍ය ආධාර බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (12) දින ක්‍රියාත්මක කරන ලදී.  

යුද්ධ හමුදා භටපිරිස් විසින් අදාළ ප්‍රදේශවල ග්‍රාම නිලධාරි හා සම්බන්ධතාවයෙන් අඩු ආදායම්ලාභී පුද්ගලයින් තෝරාගැනීමෙන් අනතුරුව ‘ත්‍යාහී’ පුණ්‍ය භාරයේ නිර්මාතෘ සහ සභාපති වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතාගේ අනුග්‍රහකත්වය මත අදාළ ප්‍රදේශවල පවුල් 1000 ක් සඳහා මූල්‍ය ආධාර පිරිනැමූ අතර එක් පවුලක් සඳහා රුපියල් 2000 ක් පිරිනැමූහ.  

මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහභාගී වූවේය.  

තවද, පරිත්‍යාගශීලී නියෝජිතයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයන් ද මෙම ව්‍යාපෘතිය සමඟින් එක් වී අදාළ ප්‍රදේශ වෙත ගොස් මුල්‍ය ආධාර බෙදාදීම සඳහා සිය සහයෝගය දැක්වූහ.

මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම සහ තන්තිරිමලේ ප්‍රදේශ ආවරණය කරමින් පසුගිය සඳුදා (11) දිනයේදී ද මෙම මුදල් පරිත්‍යාග කිරීමේ වැඩසටහන පැවැත්විණි. අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා මුල්‍ය පරිත්‍යාගයන් සිදුකිරීම සඳහා දියත් කළ මෙම ව්‍යාපෘතියට ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහ 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක ද සහභාගී වූහ.

මෙම ව්‍යාපෘතිය 213 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු සාමාජිකයින් විසින් සංවිධානය කරන ලදී.