Header

Sri Lanka Army

Defender of the Nation

20th April 2022 19:55:26 Hours

අවශ්‍යතා සහිත පවුලකට 211 වන බලසේනාවේ භටපිරිස් වෙතින් නව නිවසක්

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් ‘මානව හිතවාදී යුද්ධ හමුදාව’ සංකල්පය පසක් කරමින් මැදවච්චිය, කටුවෙල ප්‍රදේශයේ පදිංචි තවත් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා පසුගිය සෙනසුරාදා (09) දින මුල්ගල් තබන ලදී.  

විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන ඉන්ද්‍රානි සෝමලතා මහත්මිය සහ එතුමියගේ දියණියන් දෙදෙනා පිළිබඳ 211 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද විජේරත්න දැනුවත් වීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. ඒ අනුව, කොළඹ මහා රෝහලේ සේවය කරන වෛද්‍ය රංජනි සෙනෙවිරත්න මහත්මිය විසින් දැක්වූ අනුග්‍රාහකත්වය මත 211 වන බලසේනාව යටතේ ස්ථාපිත 2 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු භාරගන්නා ලදී.  

මෙම මුල්ගල් තැබීමේ අවස්ථාව සඳහා 211 වන බලසේනාවේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරි, 2 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහ සෙසුනිලයන් සහභාගී වූහ.