Header

Sri Lanka Army

Defender of the Nation

19th April 2022 17:53:47 Hours

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකුගේ අනුග්‍රාහකත්වය මත අවශ්‍යතා සහිත වැසියන් වෙත වියළි සලාක පරිත්‍යාග කෙරේ

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ ඉල්ලීමකට අනුව එක්සත් ජනපදයේ වෙසෙන කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අනුක් මහතාගේ අනුග්‍රාහකත්වය මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් හපුතලේ, ගෝනමතාව ගම්මානයේ ගම්වාසීන් වෙනුවෙන් පසුගිය ඉරිදා (10) දින වියළි සලාක පාර්සල් 200 ක් පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහ සෙසුනිලයන් කිහිපදෙනෙකු සහභාගී වූහ.