Header

Sri Lanka Army

Defender of the Nation

13th April 2022 16:53:41 Hours

බ්‍රිගේඩියර් එල්.සී.කේ. පතිරණ ඉන්දියාවේ ආරක්‍ෂක කළමණාකරන විද්‍යාලයේ 'Commandant's Book Prize' සම්මානය දිනාගනී

ඉන්දියාවේ හයිද්‍රාබාද්, සිකුන්ද්‍රාබාද් ප්‍රදේශයේ පිහිටි ආරක්‍ෂක කළමනාකරණ විද්‍යාලයේ උසස් ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලා අංක 17 හැදෑරූ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා විසින් ඉදිරිපත් කරනු ලැබූ ‘ශක්තිය, දුර්වලතා, අවස්ථා සහ තර්ජන විශ්ලේෂණයට (SWOT) අනුව පැය 24 ක් ඇතුළත ක්‍රියාන්විත නොවන නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදිකිරීම පිළිබඳ මිශ්‍ර ක්‍රමවේද සිද්ධි අධ්‍යයනය’ යන මාතෘකාව යටතේ රචිත ග්‍රන්ථය එම පාඨමාලාවේ ‘Commandant's Book Prize’ සම්මානය පාඨමාලාව සඳහා සහභාගි වූවන් 162 ක් අතරින් නිර්දේශිත හොඳම සිද්ධි අධ්‍යයන 10 සඳහා තේරී පත් වූවන් සඳහා හිමිවිය.

වර්ෂ 2021 මැයි මස 31 දින සිට 2022 මාර්තු මස 28 දින දක්වා ඉන්දියාවේ හයිද්‍රාබාද්, සිකුන්ද්‍රාබාද් ප්‍රදේශයේ පිහිටි ආරක්‍ෂක කළමනාකරණ විද්‍යාලයේ උසස් ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලා අංක 17 හැදෑරූ බ්‍රිගේඩියර් එල්.සී.කේ. පතිරණ වෙත ඔස්මානියා විශ්වවිද්‍යාලය වෙතින් කළමනාකරණ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ සමස්ථ ඉන්දීය කළමනාකරණ සංගමයෙන් කළමණාකරණය පිළිබඳ උසස් පාඨමාලා සහතික පිරිනමන ලදී. එතුමන් පාඨමාලා අනුගාමිකයින් 162 අතරින් නම් කරන ලද හොඳම 10 දෙනාගෙන් කෙනෙකු වේ.

ශක්තිය, දුර්වලතා, අවස්ථා සහ තර්ජන විශ්ලේෂණය (SWOT) යටතේ කොවිඩ් - 19 ආසාදිතයින් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පැය 24 ක් ඇතුළත නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අදාළව එතුමන් විසින් සිදුකළ සිද්ධි අධ්‍යයනය පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ව්‍යාපෘති සැලසුම්කරණයට අදාළ ශක්තීන්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන හඳුනා ගැනීමට භාවිතා කරන උපාය මාර්ගික සැලසුම් සහ උපාය මාර්ගික කළමනාකරණ ක්‍රමයකි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නොපසුබස්නා උත්සාහයෙන් පැය කිහිපයක් ඇතුළත ජාතියේ හදිසි අවශ්‍යතාවය මත කරනු ලැබූ මෙම ක්‍රියාන්විතය තත්ත්‍ව තක්සේරුව හෝ තත්ත්‍ව විශ්ලේෂණය ලෙස හැඳින්වේ.

මෙම පාඨමාලාව සාර්ථකව හදාරා මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් දිනාගත් ‘Commandant's Book Prize’ සම්මානය රටට මෙන්ම යුද්ධ හමුදාවට ද කීර්තියක් අත්කර දෙන්නකි.