Header

Sri Lanka Army

Defender of the Nation

14th April 2022 09:08:07 Hours

යුද්ධ හමුදාධිපති සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ගේ ප්‍රධානත්වයෙන් සිවිල් සේවක කාර්ය මණ්ඩලයට ත්‍යාග පිරිනමයි

යුද්ධ හමුදාව තුළ සේවයේ නියුතු සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ කාර්යභාරය ඇගයීමට ලක්කරමින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිති කරගනිමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය කෘතවේදීත්වය පිරිනමමින් යුද්ධ හමුදාධිපති ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් කිහිපදෙනෙකු වෙත යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ත්‍යාග පාර්සල් පිරිනමන ලදී.

මෙම අවස්ථාවේදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් එම සිවිල් සේවක මහතුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුවදුක් විමසූ අතර ඔවුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් අළුත් අවුරුදු සුබපැතුම් පිරිනමන ලදී. ඉන් අනතුරුව, එම සිවිල් සේවක මහතුන් ද සිය අදහස් ප්‍රකාශ කරමින් ඔවුන්ගේ සේවා කාලය තුල යුද්ධ හමුදාධිපතිතුමන් හමුවී අලුත් අවුරුදු සුබපැතුම් හුවමාරු කරගත් ප්‍රථම අවස්ථාව මෙය වන බවත් ඔවුන්ගේ කෘතවේදීත්වයත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනමන ලදී.

මේ අතර, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ත්‍යාග පාර්සල්, වියළි සලාක පාර්සල් සහ අනෙකුත් අත්‍යවශය ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ උත්සවයක් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී, යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන්ගේ කාර්යභාරය ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත අලුත් අවුරුදු ත්‍යාග පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මිය විසින් එම ත්‍යාග පාර්සල් පරිත්‍යාග කළාය.

යුද්ධ හමුදා සේවා වනිතා එ්කකයේ ආරාධනයකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ද මෙම අවස්ථාවට එක්විය.

මෙම අවස්ථාවේදී හෝමාගම ප්‍රදේශයේ පදිංචි දානපතිනියක් වන චන්ද්‍රානි ලියනගේ මහත්මිය විසින් රණක්‍ෂිතයට පත් සහ දිවංගත රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා දියත් කරනු ලබන වැඩසටහන් වෙනුවෙන් සිය සහයෝගය පළකරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සුබසාධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 9 ක පමණ වටිනාකමකින් යුත් දෙමහල් නිවසක් පරිත්‍යාග කරනු ලැබීය.

හෝමාගම රොමියෙල් මාවතේ පිහිටි මෙම දේපළවලට අදාළ ලියකියවිලි දානපතිනිය විසින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මිය වෙත සංකේතාත්මකව භාරදෙන ලදී. මෙම පරිත්‍යාගය පිළිබඳ සුජීවා නෙල්සන් මහත්මිය සිය කෘතවේදීත්වය පිරිනැමූ අතර යුද්ධ හමුදා රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් මෙම පරිත්‍යාගයන් ඵලදායීව භාවිතා කරන බවට සහතික විය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරි බ්‍රිගේඩියර් තුෂාර බාලසූරිය, නිලධාරින් කිහිපදෙනෙකු සහ සෙසුනිලයන් ද එක්වූහ.