Header

Sri Lanka Army

Defender of the Nation

06th April 2022 22:47:15 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ 24 වන කර්නල් සේනාවිධායක රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ 24 වන කර්නල් සේනාවිධායක ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරන මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර පසුගිය සඳුදා (04) දින පනාගොඩ යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි ආරම්භ කළේය.

නව කර්නල් සේනාවිධායකතුමන් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධන දොරටුව අභියසදී එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර වෙත කඳවුරු මුරයක් පිරිනැමූහ.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ නිල ලේඛනයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී.

ඉන් අනතුරුව, නව කර්නල් සේනාවිධායකතුමන් වෙත සම්මාන මුරයක් පිරිනැමීමෙන් පසුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

පසුව, නව කර්නල් සේනාවිධායකතුමන් එම රෙජිමේන්තුවේ සියළු නිලයන් ඇමතීමෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියළු නිල තේ පැන් සංග්‍රහයකටද සහභාගී වූවේය. මීට පෙර මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න විශ්‍රාම දිවියට පා තැබීමෙන් අනතුරුව මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර මෙම ධූරය සඳහා පත්විය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයින්ද සහභාගී වූහ.