Header

Sri Lanka Army

Defender of the Nation

13th April 2022 13:17:01 Hours

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, මෙරට විදේශ දූත මණ්ඩලයන්හී ආරක්‍ෂක උපදේශකවරුන් සමඟ සාකච්ඡාවක

මෙරට සන්නද්ධ හමුදා සාමාජිකයින් සෑම අවස්ථාවකදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට අනුකූලව කටයුතු කරනු ලබන බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, මෙරට විදේශ මහකොමසාරිස් කාර්යාල සහ තානාපති කාර්යාලවල ආරක්‍ෂක උපදේශකවරුන් සහ ආරක්‍ෂක නියෝජිතයින් හමුවේ ප්‍රකාශ කළේය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (04) දින පැවැත්වු මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් විදේශ දූත මණ්ඩල නිලධාරින් දැනුවත් කළේය. වෘත්තීමය හැකියාවන්ගෙන් සමන්විත යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සැමවිටම රටේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කරනු ලබන බවත් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආරක්‍ෂක උපදේශකවරුන් සමඟ පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවට ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, රුසියාව, ඕස්ට්‍රේලියාව, ජපානය, චීනය, ඉන්දියාව, ඉරානය, පකිස්තානය, බංගලාදේශය සහ මාලදිවයින යන රටවල මෙරට තානාපති කාර්යාලවල ආරක්‍ෂක උපදේශකවරුන් සහ ආරක්‍ෂක නියෝජිතයින් සහභාගී වූහ.