Header

Sri Lanka Army

Defender of the Nation

30th March 2022 08:30:33 Hours

121 වන බලසේනාවේ භටපිරිස් හොරොම්බුව ප්‍රදේශයේ හදිසියේ ඇතිවූ ලැව් ගින්නක් මැඩපවත්වයි

මොණරාගල දිස්ත්‍රික්කයේ හොරොම්බුව, සුදුවතුආර රක්‍ෂිතයේ ඉකුත් සිකුරාදා (25) දින හදිසියේ ඇතිවූ ලැව්ගින්නක් පිළිබඳ සැලවු වහාම ක්‍රියාත්මක වු 121 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 26 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැයකිහිපයක් තුළ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.

12 වන සේනාංකයේ සේනාංකාධිපති ලබාදුන් උපදෙස් මත 121 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් යුහුසුළුව ක්‍රියාත්මක වී ප්‍රදේශය පුරා සීඝ්‍රයෙන් පැතිරයන ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.