Header

Sri Lanka Army

Defender of the Nation

30th March 2022 10:30:33 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරනයෙන් පාසල් සිසුන් 109 කට පාසල් උපකරණ

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉතා දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන අඩු ආදායම්ලාභි පවුල්වල දරු දැරියන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් සිකුරාදා (25) දින පැවැත්විණි. හිඟුරක ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 109 දෙනෙකු වෙත මෙලෙස පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාවට නැංවු අතර මේ සඳහා සමාජ සේවා ක්‍රියාකිරිනියක වන ලක්මිණි ෆොන්සේකා මහත්මිය අනුග්‍රාහකත්වය ලබාදුන්හ.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි ලබාදුන් උපදෙස් මත 7 වන සැහැල්ලු රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන හිඟුරක ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී.

ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අත්‍යවශ්‍ය පාසල් උපකරණ මිලදී ගැනීමට නොහැකිව අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යන හිඟුරක ප්‍රාථමික විද්‍යාලයේ 1 වන ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරණ සිසු දරුදැරියන් 109 දෙනෙකු වෙත මෙලෙස පාසල් උපකරණ බෙදාදුන් අතර එම අවස්ථාවට සහභාගි වු දරු දැරියන්ට ප්‍රණීත දිවා ආහාර වේලකින්ද සංග්‍රහ කරන ලදී.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර නියෝජනය කරමින් 23 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කර්නල් කුමාර පෙරේරා සහභාගී විය.

තවද, මෙම අවස්ථාවට 23 වන සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 ලුතිනන් කර්නල් එල්.ආර්.එන්.බී.යූ රත්නායක, හිඟුරක ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනී, පරිත්‍යාගයන් සදහා අනුග්‍රාහකත්වය දැක්වූ ලක්මිණි ෆොන්සේකා මහත්මිය, පරිත්‍යාගශීලීන්ගේ නියෝජිතයින් කිහිපදෙනෙකු, කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්, මින්නේරියේ පිහිටි 7 වන සැහැල්ලු රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දෙවන අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.එම්.කේ.ඩබ්ලිව් විජේරත්න සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ඩී.පී.එස්.එස් කරුණාරත්නද සහභාගී වූහ.