Header

Sri Lanka Army

Defender of the Nation

21st March 2022 20:23:35 Hours

කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ තවත් සම්බන්ධීකරණ සාකච්ඡාවක්

හරිත කෘෂිකාර්මික නිෂ්පාදන සහ එම නිෂ්පාදන බෙදාහැරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තවත් එක් සම්බන්ධීකරණ සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා (15) දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආරාධනයකට අනුව මෙම සාකච්ඡාව සඳහා 112 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් ද සහභාගී වූවේය. කාබනික පොහොර තොග ප්‍රවාහනය කිරීම සහ පුහුණු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඇතුළු වැදගත් කරුණු පිළිබඳ අවධානය යොමුකරමින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු තේනුක විදානගමගේ මැතිතුමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මැතිතුමන්, දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය සහ ලක් පොහොර සමාගමේ ප්‍රාදේශිය නිලධාරීන් ඇතුළු තවත් නිලධාරීන් රැසක් සහභාගි වූහ.