Header

Sri Lanka Army

Defender of the Nation

19th March 2022 20:34:57 Hours

14 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි 

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ 13 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් ශාමන්ත වික්‍රමසේන පසුගිය සඳුදා (14) දින රාජකාරි භාරගන්නා ලදී.

එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් විසින් නව සේනාංකාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරව සිය කාර්යාලය වෙත කැටුව යනු ලැබීය. ඉන් අනතුරුව, ආගමික වතාවත් සහ සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලින් අනතුරුව මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් ශාමන්ත වික්‍රමසේන එම සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.

නව ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් ශාමන්ත වික්‍රමසේන තම සේනාංකය යටතේ ඇති බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සමඟ ඔවුන්ගේ කාර්යභාර්ය පිළිබඳව සුහද සාකච්ඡාවක ද නිරත වූවේය.  

මෙම අවස්ථාව සඳහා 141, 142 සහ 143 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, 14 වන සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක්ද සහභාගී වූහ.

මේජර් ජෙනරල් ශාමන්ත වික්‍රමසේන මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම 52 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරය හොබවනු ලැබීය.