Header

Sri Lanka Army

Defender of the Nation

15th March 2022 21:50:58 Hours

කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ සාකච්ඡා කිරීමට තවත් සැසියක්

හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ උපදෙස් හා ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ අධීක්‍ෂණය මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 සේනාංකයේ භටපිරිස් විසින් ‘හරිත කෘෂිකර්මාන්තය’ සහ කාබනික පොහොර සැපයීමේ කටයුතුවල සම්බන්ධීකරණය පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගිය සිකුරාදා (11) දින ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විය.

59 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩී. සූරියබණ්ඩාර සහ 64 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපුල් වීරකෝන් ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව, කාබනික පොහොර නිකුත් කිරීම සහ ‘යල’ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා කාබනික පොහොර භාවිතා කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මුලතිව් දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ආර්. කෝකුලදාසන් මහතා, ඔඩ්ඩුසුඩාන් කෘෂිකර්ම සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම සංවර්ධන නිලධාරී කේ. සුගන්ධන් මහතා, ඔඩ්ඩුසුඩාන් කෘෂිකර්ම සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක එස්. භානුජන් මහතා සහ ‘කන්ගාරා හෝල්ඩින්ස්’ පොහොර නිෂ්පාදන ආයතනයේ ප්‍රාදේශීය අධ්‍යක්‍ෂ එම්. සෙන්දුලන් මහතා ද මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූහ.

මෙම සාකච්ඡාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 15 දෙනෙකු ඇතුළු තවත් යුද්ධ හමුදා සාමාජිකයින් කිහිපදෙනෙකු සහභාගී වූහ.