Header

Sri Lanka Army

Defender of the Nation

15th March 2022 21:48:58 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලස්ථානයේදී දින පහක චෙස් පුහුණු වැඩමුළුවක්

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ යෝජනාවකට අනුව මාර්තු මස 7 සිට 11 දින දක්වා එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී දින පහක චෙස් පුහුණු වැඩමුළුවක් පැවැත්වීය.

යුද්ධ හමුදා චෙස් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට ගේ අධීක්‍ෂණය යටතේ ආරම්භ කරන ලද මෙම පුහුුණු වැඩමුළුව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 22 දෙනෙකු සහභාගී වූහ.

දින 5 ක් පුරාවට පැවති පුහුණු වැඩමුළුව අවසානයේ චෙස් තරඟයක් ද පවත්වන ලදී. එම තරඟයේ ප්‍රථම ස්ථානය 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල ජී.ආර්. විදුරංග විසින් දිනාගනු ලැබූ අතර දෙවන ස්ථානය සහ තෙවන ස්ථානයන්ට හිමි සම්මාන පිළිවෙලින් 12 වන ගැමුණු හේවා බලකායේ සාමාන්‍ය සෙබල ආර්.එම්.ටී.එස් රත්නායක සහ 3 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා සෙබල ජී.ජී.එම්.ටී. ගිම්හාන විසින් හිමිකරගනු ලැබූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ශෂික පෙරේරා විසින් සමාප්ති දේශනය පැවැත්වූ අතර එහිදී, ජයග්‍රාහකයින් වෙත සහතිකපත් සහ කුසලාන ද ප්‍රදානය කරන ලදී. මෙම උත්සවය සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් ද සහභාගී වූහ.