Header

Sri Lanka Army

Defender of the Nation

15th March 2022 21:53:10 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාරට 68 වන සේනාංකයේ ගෞරවාචාර

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර වෙත පසුගිය සෙනසුරාදා (12) දින එම සේනාංක මූලස්ථානයේදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් සහ ආචාර පෙළපාලියක් පිරිනමා ගෞරවාචාරය පුදකරන ලදි.

වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත 6 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරය පිරිනමනු ලැබූහ.

ඉන් අනතුරුව, සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර එම සේනාංක මූලස්ථානයේ නිලධාරින් සහ සෙසුනිලයන් සමඟ සමූහ ඡායාරූපවලට පෙනී සිටියේය. පසුව, එතුමන් විසින් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සිය ධූර කාලය තුලදී ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියළු නිලයන් වෙත කෘතඥතාවය පුදකරනු ලැබීය.

උත්සවය සමාප්තියේදී යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකරනු ලැබූ අනුපමේය සේවය ඇගයීමට ලක්කරමින් මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා 681 සහ 682 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හී අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් ද එක්වූහ.