Header

Sri Lanka Army

Defender of the Nation

13th March 2022 19:07:09 Hours

යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් බලපිටිය වෙරළ තීරයේදී දස්කම් දක්වයි

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද ‘12 වන ජාතික කිලෝමීටර් 5 විවෘත ජල පිහිනුම් තරඟාවලිය - 2022’ බලපිටිය වෙරළ තීරයේදී අද (13) දින පැවති අතර තරඟාවලියේ සමස්ථ ශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම් කණ්ඩායම සමත්වූහ.

ක්‍රීඩා සමාජ 15 ක් නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 85 කට අධික පිරිසක් සහභාගි වූ මෙම තරඟාවලියේ ශූරතාවය යුද්ධ හමුදා පිහිනුම් කණ්ඩායම අඛණ්ඩව 5 වන වරටත් හිමිකරගැනීම සුවිශේෂී සිදුවීමකි.

තරඟාවලියේ පිරිමි අංශයේ පළමු ස්ථාන දහය අතර ස්ථාන අටක් දිනාගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමත්වූහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ සභාපති මෙන්ම අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසින් මෙම ජයග්‍රහණ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කළහ.

තරඟාවලියේ පළමු ජයග්‍රාහකයින් තිදෙනා පහතින් දැක්වේ.

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කෝප්‍රල් බී.ඩි. ෂෙහාන්

දෙවන ස්ථානය - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කාර්මික සෙබල අයි.එම්. අබේරත්න

තෙවන ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ ලාන්ස් කෝප්‍රල් ඒ.එම්.ඒ.එස්. අබේසිංහ