Header

Sri Lanka Army

Defender of the Nation

12th March 2022 06:41:12 Hours

විධායක ජෙනරල් ලයා හොටෙල් සමුහයේ ප්‍රධාන කාර්යාලයේ නිරීක්‍ෂණ සංචාරයක

යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ඉකුත් බ්‍රහස්පතින්දා (8) දින යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ලයා හොටෙල් සමූහයෙහි ප්‍රධාන කාර්යාලයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

මෙම සංචාරය අතරතුරදී, ලයා හොටෙල් සමූහයෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි බ්‍රිගේඩියර් චිත්‍රාල් කුලතුංග විසින් ලයා හොටෙල් සමූහයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදුකරමින් විධායක ජෙනරල් දැනුවත් කළේය. විධායක ජෙනරල් විසින් මූලස්ථාන පරිශ්‍රයේ යටිතල පහසුකම් ද නිරීක්‍ෂණය කරන ලදී. ඉන් අනතුරුව, මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල එම පරිශ්‍රයේ යටිතල පහසුකම් සහ නවාතැන් පහසුකම් පිලිබඳ සොයා බැලීය.

මෙම අවස්ථාවට කර්නල් විධායක ජෙනරල් කර්නල් අරුණ රුද්‍රිගු සහ ලයා හොටෙල් සමුහයේ සියලුම ප්‍රධාන නිලධාරින් සහභාගී වූහ.