Header

Sri Lanka Army

Defender of the Nation

12th March 2022 06:45:45 Hours

වන්නි භටපිරිස්හි මුලිකත්වයෙන් තවත් අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් විසින් දියත් කරනු ලබන ප්‍රජා ව්‍යාපෘතීන් තවදුරටත් පුළුල් කරමින් රඹෑව, මහකනදරාව ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන දරුවන් 7 දෙනෙකුගෙන් යුත් වැන්දඹු මවක් වෙනුවෙන් ඉදිකළ නව නිවස ඉකුත් සිකුරාදා (08) දින නිවාසලාභින් වෙත භාරදුන්හ.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහ 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක විසින් කරන ලද ඉල්ලීමකට අනුව කළුතර මහ රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍ය භාග්‍යා වීරවර්ධන මහත්මිය ඇතුළු හිතමිත්‍රාදීන්ගේ මූල්‍යමය අනුග්‍රාහයකත්වය ඇතිව මෙම නිවස ඉදිකරන ලදී.

නව නිවස නිවාසලාභින් වෙත භාරදීමේ උත්සවයට 211 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජයරත්න, 211 වන බලසේනාවේ මාණ්ඩලික නිලධාරී ලුතිනන් කර්නල් ටී.එම්.කේ.සී. අමරකෝන් සහ 211 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරන නිලධාරි මේජර් ආර්.එම්.එස්.ජේ රාජනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.