Header

Sri Lanka Army

Defender of the Nation

12th March 2022 06:51:06 Hours

යුද්ධ හමුදා භටපිරිස් සොයාගත් මුදල් පසුම්බිය හිමිකරුට භාරදෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 515 වන බලසේනාවේ භටපිරිස් විසින් කන්කසන්තුරේ - පේදුරුතුඩුව මාර්ගයේ උරනි ප්‍රදේශයේ වැටි තිබීයදී සොයාගත් මුදල් පසුම්බියක් ඉකුත් අඟහරුවාදා (8) දින එහි හිමිකරු වෙත භාරදුන්හ.

515 වන බලසේනාව යටතේ රාජකාරි කරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මාණ්ඩලික සැරයන් කේ.එච්.ඒ. සමන් කුමාර රාජකාරි සඳහා යමින් සිටියදී මාර්ගය අසල වැටි තිබී මෙම මුදල් පසුම්බිය සොයාගන්නා ලදී.

වයඹ පළාතේ තික්කයවාල් අල්වායි ප්‍රදේශයේ පදිංචි පරිගණක කාර්මික ශිල්පියෙකු වන කොනේෂ්වරමූර්ති දිවියානේෂ් මහතාට අයත් ATM බැංකු කාඩ්පත්, ජාතික හැදුනුම්පත සහ රුපියල් 10,400.00 ක මුදලක් තිබු මෙම මුදල් පසුම්බිය අනන්‍යතාවය තහවුරු කරගැනීමෙන් පසුව හිමිකරු වෙත භාරදුන්නේය.

මුදල් පසුම්බියේ හිමිකරු පිළිබඳ තොරතුරු අදාල ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරීගෙන් ලබාගෙන ඇති අතර, 51 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 515 වන බලසේනාවේ බලසේනාධිපති විසින් එම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීගේ අවංකභාවය පිළිබඳව ප්‍රශංසා කරන ලදී.