Header

Sri Lanka Army

Defender of the Nation

12th March 2022 06:56:05 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී දොඹගොඩ පිහිටි යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ නිරීක්‍ෂණ සංචාරයක

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් විකුම් ලියනගේ පසුගියදා දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා කර්මාන්ත ශාලාවේ ක්‍රියාකාරී අංශ පිළිබඳ සොයා බැලීම සඳහා නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.

යුද්ධ හමුදා යුධෝපකරණ බලකා කර්මාන්ත ශාලාව වෙත සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් විතානගේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා කර්මාන්ත ශාලාවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් මුණසිංහ විසින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී උණුසුම් අයුරින් පිළිගත්හ.

මෙම සංචාරය අතරතුරදී, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ ටයර් නැවත පිරවීමේ අංශය නිරීක්‍ෂණය කරමින් එම ක්‍රියාවලියන් පිළිබඳව දැනුවත් විය. මෙම කර්මාන්ත ශාලාවේ සේවය කරන කාර්මික ශීල්පීන්ගේ තාක්‍ෂණික දැනුම අගය කළ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රමිතිය ඉහල නැංවීම සඳහා දක්වන දායකත්වය ප්‍රශංසාවට ලක් කළේය.