Header

Sri Lanka Army

Defender of the Nation

09th March 2022 16:05:00 Hours

2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පූරන්වු කුඹුරු අක්කර 25 කට ජලය ලබාදෙයි

හෝකන්දර, එවරියහේන ප්‍රදේශයේ කුඹුරුවලට ජලය ගලායන ඇළ මාර්ගය අවහිරවීම හේතුවෙන් එම ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු කරගෙන යාමට නොහැකිව දැඩි අපහසුතාවයට පත් ගොවි ප්‍රජාවගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 144 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (05) දින එම ඇළ මාර්ගය පිරිසිදු කර ජලය ලබාදී ප්‍රදේශයේ පුරන් වු කුඹුර අක්කර 25 අස්වැද්දීමට අවස්ථාව උදාකර දෙන ලදී.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීතුමන් සහ විපතට පත් ප්‍රදේශයේ ගොවී ප්‍රජාව විසින් එවාරියහේන ප්‍රදේශයේ පුරන්වු කුඹුරු අක්කර 25 ක් නැවත අස්වැද්දීම සඳහා කිලෝමීටර් 1.5 ක පමණ දිගින් යුත් මෙම ඇළ මාර්ගය පිරිසිදු කරගැනීමට යුද්ධ හමුදාවේ සහයෝගය ඉල්ලා සිටියේය. 14 වන සේනාංකයේ සේනාංකාධිපති ලබාදුන් උපදෙස් මත 144 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වින්දන කොඩිතුවක්කුගේ සහභාගීත්වයෙන් ඇල මාර්ගය පිරිසිදු කිරීම සම්බන්ධයෙන් දින දෙකක් පුරා සාකච්ඡා පවත්වන ලදී.

2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරීගේ උපදෙස් මත එම ඒකකයේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (5) දින එම ඇළ මාර්ගය පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.

මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න, 144 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වින්දන කොඩිතුවක්කු, ග්‍රාම සංවර්ධන කමිටුවේ සභාපති සහ ගොවිජන සංගමයේ ලේකම් සිය සහයෝගය ලබාදුන්හ.