Header

Sri Lanka Army

Defender of the Nation

05th March 2022 10:54:58 Hours

‘The Sri Lanka Rugby Inter Club Rugby League – 2022’ තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩකයින් දස්කම් දක්වයි

‘The Sri Lanka Rugby Inter Club Rugby League – 2022’ රගර් තරඟාවලිය හැව්ලොක් පිටියේදී පසුගිය සිකුරාදා (04) දින පැවැත්විණි. එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතර පැවති තියුණු තරඟයකින් අනතුරුව ලකුණු 18 ක ජයක් වාර්තා කිරීමට යුද්ධ හමුදා කණ්ඩයම සමත්විය.

'Soldiers Vs Sailors’ අන්තර් සමාජ රග්බි තරඟයේ පළමු වටයේදී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් දක්‍ෂතා පෙන්නුම් කළ නමුත් යුද්ධ හමුදා ක්‍රීඩකයින් නාවික හමුදා කණ්ඩායමට එරෙහිව ගෝල 2 ක් වාර්තා කරන ලදී.

පළමු වටයෙන් පසුව යුද්ධ හමුදාවේ සාමාන්‍ය සෙබල මධුෂාන් හෙට්ටිආරච්චි දඬුවම් පහර 2 ක් සාර්ථකව ලබාගනිමින් තරඟයේ ජය තහවුරු කරනු ලැබීය. ඉන් අනතුරුව, යුද්ධ හමුදා ක්‍රීඩකයින් සිය උත්සාහක දිනුම් ද්විත්වය සාර්ථක කරගැනීමට ද සමත් විය.