Header

Sri Lanka Army

Defender of the Nation

05th March 2022 12:54:58 Hours

ගුවන් හමුදා පාපැදි තරඟාවලියේ පළමු අදියරේ ජය යුද්ධ හමුදාවට

23 වන ‘Tour de Air Force’ ගුවන් හමුදා පාපැදි තරඟාවලිය පසුගිය සිකුරාදා (4) දින පුත්තලමේදී පැවති අතර එම තරඟාවලිය සඳහා යුද්ධ හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ යුද්ධ හමුදා පාපැදි කමිටුවේ ලාන්ස් කෝප්‍රල් සඳරුවන් පින්තෝ තරඟාවලියේ පළමු අදියරේදී ගුවන් හමුදා පාපැදි ධාවකයෙකුට එරෙහිව තත්පර 3.07.31ක පරතරයක් වාර්තා කරමින් ජයග්‍රාහකයා බවට පත්විය.

ගුවන් හමුදාවේ 71 වන සංවත්සර දින උත්සවයට සමගාමීව පැවති මෙම තරඟාවලියේ දෙවන අදියර පුත්තලම සිට අනුරාධපුරය හරහා දඹුල්ල දක්වා කිලෝමීටර් 184 ක් දුරක් ආවරණය වන පරිදි සෙනසුරාදා (5) දින ආරම්භ විය.