Header

Sri Lanka Army

Defender of the Nation

04th March 2022 19:50:32 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි කමාන්ඩෝ රෙජිමේන්තුවේ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා නිරීක්‍ෂණ චාරිකාවක

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ පසුගිය සිකුරාදා (25) දින ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූවේය.

එහිදී, කමාන්ඩෝ රෙජිමේන්තුවේ ඒකකයන් වල ක්‍රීයාකාරී අංශයන්හී කටයුතු පිළිබඳ ප්‍රධාන වශයෙන් අවධානය යොමුකළ මේජර් ජෙනරල් විකුම් ලියනගේ එම රෙජිමේන්තුවේ පරිපාලනමය කටයුතු සහ රෙජිමේන්තු මූලස්ථානයට අදාළ තවත් කරුණු කිහිපයක් පිළිබඳ සමාලෝචනයක යෙදිණි.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න සහ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කමල් ධර්මවර්ධන විසින් උණුසුම් අයුරින් පිළිගත්හ.

පරිපාලන කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම මේජර් ජෙනරල් විකුම් ලියනගේ විසින් පරිපාලන කටයුතු පරීක්‍ෂා කිරීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. මෙම පරිපාලන පරික්‍ෂාව සඳහා සහභාගී වූ විවිධ අධ්‍යක්‍ෂ මණ්ඩලයන් හා ශාඛාවන්හී අධ්‍යක්‍ෂවරුන් සහ මාණ්ඩලික නිලධාරීන් විසින් එම අවස්ථාවේදී පැනනැගුණු ගැටළු සභාගත කර එම ගැටළු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියා පටිපාටි සකස් කරන ලදී. මෙම අවස්ථාව සඳහා කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි, අණදෙන නිලධාරින්, පුහුණු පාසල්හී සේනාවිධායකවරුන් සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ මාණ්ඩලික නිලධාරින් ද සහභාගි වූහ.