Header

Sri Lanka Army

Defender of the Nation

02nd March 2022 17:58:23 Hours

4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ප්‍රජා මූලික ව්‍යාපෘති දියත් කරති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 523 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත චාවකච්චේරි ප්‍රදේශයේ පිහිටි 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හී පරිත්‍යාගශීලිත්වය සහ මානව හිතවාදී බව යලිත් තහවුරු කරමින් දඹුල්ල වෙළඳ සංගමයේ සහ තවත් පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකුගේ අනුග්‍රහකත්වය මත පෙබරවාරි මස 26 දින එම බලඇණි මූලස්ථාන පරිශ්‍රයේදී එම ප්‍රදේශයේ සිවිල් ජනතාව සඳහා සුබසාධන ව්‍යාපෘතීන් කිහිපයක් දියත් කරන ලදී.

එම ප්‍රජා ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස චාවකච්චේරි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරින්ගේ සහයෝගය ඇතිව අවශ්‍යතා සහිත ගර්භනී කාන්තාවන් 20 දෙනෙකුට එම කඳවුරු පරිශ්‍රය වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව එක් පාර්සලයක් රුපියල් 7000.00 කට වැඩි වටිනාකමකින් යුත් ළදරුවන් සඳහා අවශ්‍යවන ද්‍රව්‍ය, නැවුම් එළවළු සහ වියළි සලාක පාර්සල් පරිත්‍යාග කරන ලදී.

එමෙන්ම, ජපානයේ පදිංචිව සිටින රුවන් රත්නායක මහතාගේ අනුග්‍රාහකත්වය මත මද්දුවිල් චන්ද්‍රමලේශා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනු ලබන අඩු ආදායම්ලාභී පවුලක සිසුවෙකු වෙත රුපියල් 50,000 ක ශිෂ්‍යත්වයක් පිරිනැමීමට ද යුද්ධ හමුදා භටපිරිස් කටයුතු කරන ලදී.

මෙම ව්‍යාපෘතියට සමගාමීව එම කඳවුරු පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද සිවිල් කාර්ය මණ්ඩල නේවාසික ගොඩනැගිල්ල විවෘත කර එම කඳවුරේ සේවයේ නියුතු සිවිල් කාර්ය මණ්ඩලය වෙත පවරා දෙන ලදී.

4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එච්.ජී.එස්. ගාල්ලගේ ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවන් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත වික්‍රමසේන සහභාගී වූවේය.

මෙම ව්‍යාපෘතිය සඳහා 523 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිස්සංක සමරදිවාකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් ද සහභාගී වූහ.