Header

Sri Lanka Army

Defender of the Nation

28th February 2022 19:36:10 Hours

කඹ ඇදීමේ තරඟාවලියේ ශුරතාවයන් දිනාගැනීමට යුද්ධ හමුදා සෙබල සෙබලියන් සමත් වෙති

පූගොඩ බෝධිරාජාරාම පාසල් පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (26) දින පැවති විවෘත කඹ ඇදීමේ ශූරතාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘ඒ’, ‘බී’ කණ්ඩායම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම්, නාවික හමුදා, පොලීසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ සිවිල් අංශයේ කණ්ඩායම් ඇතුළු දීප ව්‍යාප්ත කණ්ඩායම් 26 ක් පරාජය කරමින් පළමු ස්ථාන සහ අනුශූරතාවයන් දිනා ගත්හ.

පූගොඩ ද්විත්ව ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේ ශූරතා වට කිහිපයකදී දස්කම් දක්වමින් යුද්ධ හමුදා ‘ඒ’ සහ ‘බී’ කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රථම ස්ථානය සහ තෙවන ස්ථානය හිමිකරගැනීමට සමත්වූහ. ඔවුන් කිලෝග්‍රෑම් 640 බර පංතියෙන් තරඟවැදී ප්‍රතිවාදී කණ්ඩායම් පරාජය කිරීමට සමත්වූහ.

මේ අතර, එම තරඟාවලියේදීම කිලෝග්‍රෑම් 560 බර පංතිය නියෝජනය කරමින් ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථාන හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම් සමත් වූහ.