Header

Sri Lanka Army

Defender of the Nation

26th February 2022 16:00:26 Hours

යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩකයින් රන් සහ ලෝකඩ පදක්කම් දිනාගනිමින් පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය සඳහා සුදුසුකම් ලබයි

සිංගප්පූරුවේ පැවති ජාත්‍යන්තර බර ඉසිලීමේ ශූරතාවලිය - 2022 සඳහා සහභාගී වූ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන් ජේ.ඒ.සී. ලක්මාල් කිලෝ ග්‍රෑම් 67 බර පන්තිය නියෝජනය කරමින් රන් පදක්කමක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කෝප්‍රල් වයි.ඩී.අයි. කුමාර කිලෝ ග්‍රෑම් 55 බර පන්තිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනාගනිමින් එංගලන්තයේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වී තරඟ කිරීමට සුදුසුකම් ලැබීය.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා හොඳම ක්‍රීඩකයින් තෝරාගැනීමේ අරමුණින් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් නියෝජනය කරන තරඟකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් මේ වනවිට සිංගප්පූරුවේ පැවැත්වෙන ජාත්‍යන්තර බර ඉසිලීමේ ශූරතාවලිය - 2022 සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කායවර්ධන, බර ඉසිලීම් හා සවි එසවිමේ කමිටුව නියෝජනය කරමින් 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මාණ්ඩලික සැරයන් ඒ.ජී.එස්. අබේවික්‍රම, කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන් ජේ.ඒ.සී. ලක්මාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කෝප්‍රල් වයි.ඩී.අයි. කුමාර සහභාගී වූහ.