Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2022 19:23:04 Hours

එලියකන්ද මෝටර් ක්‍රොස් තරඟාවලියේ දෙවන ස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් මධුරංගට

එළියකන්ද Speed Hill Climb මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරඟාවලියේ SM-Super Motard 250/450 cc ඉසව්වේ දෙවන ස්ථානය හිමිකරගැනිමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් බී.අයි. මධුරංග සමත්විය.

එළියකන්ද Speed Hill Climb මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරඟාවලිය දකුණේ මෝටර් රථ සංගමයක් සමග එක්ව ශ්‍රී ලංකා යතුරු පැදි ක්‍රීඩා සම්මේලනය විසින් 26 වන වරටත් සංවිධානය කරන ලදී.

යතුරු පැදි ධාවන ඉසව් 13 කින් සහ මෝටර් රථ ධාවන ඉසව් 15 කින් සමන්විත මෙම තරඟාවලිය සඳහා මෝටර් රථ ධාවකයින් 120 ක් සහ යුද්ධ හමුදා ධාවකයින් ඇතුළු යතුරු පැදි ධාවකයින් 94 ක් තරඟ කළහ.