Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2022 19:31:02 Hours

නව විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මුලස්ථානයේ නව විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් රංජන් ජයසේකර ඉකුත් බදාදා (23) දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.

ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ තුමන් එම ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

එම අවස්ථාවට විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වුහ.

මීට ප්‍රථම විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි කල මේජර් ජෙනරල් දීපාල් හතුරුසිංහ, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම ලෙස පත්වීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් රංජන් ජයසේකර එම ධූරයේ රාජකාරි භාරගත්තේය.

නව ධුරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම බ්‍රිගේඩියර් රංජන් ජයසේකර, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන පුහුණු පාසලේ සේනාවිධායක ලෙස කටයුතු කළේය.