Header

Sri Lanka Army

Defender of the Nation

01st March 2022 08:36:03 Hours

යුද්ධ හමුදා සෙබළුන්ගේ අවශ්‍යතා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරීක්‍ෂණයට

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිකුරාදා (25) දින නැගෙනහිර ප්‍රදේශයේ සිදුකල සංචාරයක් අතරතුර කින්නියා මාර්ග බාධකය අසල ස්ථානගත 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ඩී බළඝණයේ සංචාරයක නිරතවිය.

මෙම සංචාරය අතරතුරදී කඳවුරේ ආහාර පිසීමේ ස්ථාන, භඨනිවාස, සනීපාරක්‍ෂක අවශ්‍යතා සහ අනෙකුත් පහසුකම් මෙන්ම සෙබළුන්ගේ සුභසාධන කටයුතු පිළිබඳ සොයාබැලු යුද්ධ හමුදාධිපතිතුමන් කඳවුරේ සිටි සෙබළුන් කිහිපදෙනෙකු සමඟ ද අදහස් හුවමාරු කරගත්හ. කඳවුරේ නිලධාරි අණදෙන විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අවධානයට ලක්වු කරුණු පිලිබඳව පසුව යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කළේය.

මෙම සංචාරය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සනත් අලුවිහාරේ, සමස්ත ආරක්‍ෂක සම්බන්ධිකාරක මේජර් ජෙනරල් ලාල් විජේතුංග සහ 223 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රවින්ද්‍ර ජයසිංහ සහභාගි වුහ.