Header

Sri Lanka Army

Defender of the Nation

15th February 2022 17:18:51 Hours

24 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් සාලිය අමුණුගම පසුගිය බ්‍රහස්පතින්දා (10) දින එම සේනාංක මුලස්ථානයේදී මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සඡ්ඣායනා මධ්‍යයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.

නව සේනාංකාධිපතිතුමන් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව, එම සේනාංකයේ නිලධාරින් සහ සෙසුනිලයන් ඇමතූ බ්‍රිගේඩියර් සාලිය අමුණුගම සියලුනිල තේපැන් සංග්‍රහයක් සඳහා එක්විය.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම අවස්ථාවට 241 සහ 242 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, 24 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් සහ එම සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හී අණදෙන නිලධාරීන් සහභාගී වූහ.